පසුගිය පාස්කු දින ප්රහාරයන්ට හේතු පාදක වූ ලංකාවේ ආරක්ෂක හා බුද්ධි අංශවල බිදවැටීමට හේතුව පසුගිය කාලය තුල මානව අයිතිවාසිකම් කොමිසමේ හා ජාත්‍යන්තර ප්‍රජාවේ බලපෑම් නිසා සම්මත කල යෝජනා වල හා ඒවායේ බලපෑම නිසා සම්මත කල අන පනත් හේතුවෙන් වූ බව ජාත්‍යන්තරය ඉදිරියේ පෙන්නුම් කෙරෙන විශේෂ අන්තර් වාර සැසිය ජූලි 12 දින සවස 02.00 සිට 41වන ජිනිවා සැසිවාරය පැවැත්වෙන මානව අයිතිවාසිකම් කොමිසමේ ශාලා අංක 28 දී පැවැත්වේ .
මෙහිදී විශේෂයෙන් යහපාලන රජය විසින් සම අනුග්‍රහය දක්වා බාරගන්නාලද යුධ අපරාධ චෝදනා නිශ්ප්‍රභා කිරීම සමගින් මුස්ලිම් අන්තවාදීන් විසින් සුදුකෙරෙන අන්තවාදී, ත්‍රස්ථවාදී සහ වර්ග සංහාරය මානව හිමිකම් කොමිෂන් සභාවේ 30/1 යෝජනාවේ ඍජු බලපෑමක් බවට කරුනු දැක්වීමට බලාපොරොත්තු වේ.
COMMENTS