යුධ අපරාධ චෝදනා සමගින් ශානි, නිශාන්ත සිල්වා , ගානියා ෆ්‍රරැන්සිස් ප්‍රශ්නත් මෙවර ජිනීවා සැසිවාරයට!

යුධ අපරාධ චෝදනා සමගින් ශානි, නිශාන්ත සිල්වා , ගානියා ෆ්‍රරැන්සිස් ප්‍රශ්නත් මෙවර ජිනීවා සැසිවාරයට!

මෙවර ජිනීවා සැසිවාරය පෙබරවාරි 24 දින සිට මාර්තු 20 පැවැත්වේ. මෙවන විටත් ජාත්‍යන්තර ක්ශමා සංවිධානය ඇතුළු සංවිධාන ලංකාව සම්භන්දයෙන් තම වාර්තා එලිදක්වා තිබෙන අතර මානව අයිතිවාසිකම් කොමිසමේ මහ කොමසාරිස්වරිය ගේ ශ්‍රී ලංකාව සම්භන්දයෙන් වන වාර්තාව පෙබරවාරි 27 දින සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය . ඒ සමග එකී වාර්තාව සම්භන්දයෙන් ලංකා රජය ඇතුළු ජාත්‍යන්තරයේ අදහස් දැක්වීම හා රාජ්‍ය නොවන සංව්ධාන තම වාචික කරුණු දැක්වීම සිදු කරුණු ඇත .

ක්ශමා සංවිධානය ඇතුළු කවදත් බෙදුම්වාදීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ඉදිරිපත් කර තිබෙන වාර්තා වලට අනුව ලංකාව තුල තවමත් දැඩි ලෙස මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම් සිදුවන අතර මෙවන විටත් පසුගිය රජයේ උවමනාවට පෙර රජයේ ප්‍රබලයින්ට විරුද්ධව පරීක්ෂණ කල බවට චෝදනා ලත් නිශාන්ත සිල්වා හා ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිට ඔවුන් වෙනුවෙන් කරුනු දැක්වීමට මේ සංවිධාන කටයුතු සූදානම් කරමින් සිටී .

එයට අමතරව ශ්‍රී ලංකාවේ රජය යුධ අපරාධ චෝදනා වලට වගවීමේ ක්‍රීයාවලිය සම්භන්දයෙන් ඉතාමත් සීමා සහිත ප්‍රගතියක් දක්වා තිබෙන බවත්, තවමත් මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ තත්ත්වය සීග්‍ර පිරිහීමට ලක්ව ඇති බවත්, මාධ්‍ය , රාජ්‍ය නොවන සංව්ධාන නියෝජිතයන් හා අපරාධ පරීක්ෂණ නිලධාරින්ට බාධා කිරීම් හා ඔවුන්ට කරදර කිරීම් දිගින් දිගටම සිදවන බව දක්වා තිබේ.

මෙකී චෝදනා වලට රජයෙන් කෙරෙන කරුණු දැක්වීම් වලට අමතරව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සමග එක්වී ගොලීය ශ්‍රී ලාංකික සන්සදයේ විධායක සභාව වෙනුවෙන් වාචිකව හා ලිකිතව කරුණු දැක්වීම සිදු කෙරේ .මෙවන විටත් විද්වත් මංඩලයක් ව්සින් සකස් කල ලිඛිත දේශන 12 ක් කවුන්සිලය වෙත ඉදිරිපත් කර තිබෙන අතර ඊට අමතරව මෙවර සැසියේදී :
1. ඡයාරූප ප්‍රදර්ශනයක්
2. ප්‍රධාන සැසිවාරය අමතිම් 10 ක්,
3. සමාන්තර සැසි දෙකක් ,
සංවිධානය කෙරෙන අතර මෙහිදී ශ්‍රී ලංකාවට හා හමුදා නිලධාරින්ට එරෙහිව කෙරෙන යුද අපරාධ චෝදනා වලට විරුද්ධව කරුණු දැක්වීම සිදු කෙරේ .

විශේෂයෙන්ම ස්විස්ටර්ලන්ත තානාපති කාර්‍යාල සේවිකාවක පැහැරගෙන ගියාය යනුවෙන් ලංකාවට විරුද්ධව අසත්‍ය ප්‍රකාශ වලට අනුග්‍රහය දැක්වූ තානාපතිවරයා ගේ ක්‍රියා කලාපයට විරුද්ධව ඉදිරිපත් කරන විශේෂ වාර්තාවක් ද, පොලිස් නිලධාරින් 600 ඝාතනය කල ත්‍රස්තවාදීන් ගේ යුද අපරාධ හෙලිකරන විශේෂ වාර්තාවද මෙහිදී ඉදිරිපත් කෙරේ .

සකස් කල වාර්තාවක් මානව අයිතිවාසිකම් කොමිසමට හා සියලුම සාමාජික රටවලට බාර දීමද සිදු කෙරේ .

2015 දී සම අනුග්‍රහය දක්වමින ලද 30/01 යෝජනාව සම්භන්දයෙන් රජය කුමන ක්‍රියා මාර්ග ගන්නේද යන්න තවම නිල වශයෙන් දන්වා නොමැති තත්ත්වයක් තුල එකී යෝජනාව සම්භන්දයෙන් ශ්‍රී ලාංකා රජය මෙම සැසිවාරය තුලත් යෝජනාවලියේ බැදීම් වලට යටත් වේ.

COMMENTS