පාස්කු ප්‍රහාරය හමුවේ රටම ලේ විලක් නොවෙන්නට කටයුතු කළ කාදිනල්තුමා මේ ආණ්ඩුව ජාතිවාදියෙක් කළා – ප්‍රිමාල් ප්‍රනාන්දු

පාස්කු ප්‍රහාරය හමුවේ රටම ලේ විලක් නොවෙන්නට කටයුතු කළ කාදිනල්තුමා මේ ආණ්ඩුව ජාතිවාදියෙක් කළා – ප්‍රිමාල් ප්‍රනාන්දු

ඉරිදා පාස්කු ප්‍රහාරය හමුවේ රටම ලේ විලක් වන්නට ගිය අවස්තාවෙන් මුදා ගැනීමට පෙරමුණගත් කාදිනල්හිමි වර්තමාන ආණ්ඩුව විසින් ජාතිවාදියෙකු ලෙස හැදින්වූ බව ප්‍රිමාල් ප්‍රනාන්දු මහතා පවසයි.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයයේ විධායක සභාව විසින් පසුගියදා කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රිමාල් ප්‍රනාන්දු මහතා මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පවසා සිටියේ ඉරිදා පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම ආණ්ඩුව බාර ගත යුතුව ඇති බවය. මේ වන විටත් එම අසරණ පවුල්වල සාමාජිකයන් කිසිදු ප්‍රතිලාභයක් නොමැතිව දුකසේ ජීවිකාව ගෙන යන බවත් ඒ වෙනුවෙන් ආණ්ඩුව මැදිහත් නොවී ඇති බවට ඔහු චෝදනා කර සිටියේය.

රටම ලේවිලක් වන්නට ගිය අවස්තාවෙන් මව්බිම මුදවාගත් කාදිනල් පිමිපානන් ජාතිවාදියෙකු ලෙස හැදින්වීමට එජාපය නියෝජනය කරන එක්තරා භික්ෂුවක් කටයුතු කළ බවත් මේ දිනවල දේශපාලන වේදිකාව දෙවනත් කරන නායකයින්ද මේ පිළිබද මුනිවත රැකි අයුරු ජනතාවට මතක ඇති බවද ප්‍රනාන්දු මහතා අවධාරණයකර සිටියේය.

COMMENTS