නව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට “ශ්‍රී ලංකා ගෝලීය සංසදය- විධායක සභාවේ” සුභ පැතුම් එක්කරයි

නව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට “ශ්‍රී ලංකා ගෝලීය සංසදය” සුභ පැතුම් එක්කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාව පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගෝලීය සංසදය – විධායක සභාව  විසින් සුභ පැතුම් එක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ගෝලීය සංසදය- විධායක  සභාව  විසින් සුභ පැතුම් එක් කර ඇත.

එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කිරීම සඳහා ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ 58වන සේනාංකය වෙත දුන් කැපී පෙනෙන හා ධෛර්ය සම්පන්න නායකත්වය පිළිබඳ අපි ඉමහත් කෘතඥතාවෙන් සිහිපත් කරන බව එම සංසදය සඳහන් කරයි.

එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි 300,000කට ආසන්න සිවිල් වැසියන් බේරා ගැනීමේදී ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් ආදර්ශමත් නායකත්වය ඉටුවූ බව  සංසදය පවසයි.

වැඩිදුරටත්  සඳහන් කර සිටියේ බොහෝ ශ්‍රී ලාංකිකයන් ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමඟ සිටින බව සහතික විය හැකි බවත් ශ්‍රී ලංකා හමුදාව සහ මව්බිමේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂිත වනු ඇති බවත්ය.

 

 

COMMENTS