ජිනීවා සමුළුවේ ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් අතිශය වැදගත් තීරණාත්මක දෙවන අදියර 19දා සිට 25 දක්වා

ජිනීවා සමුළුවේ ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් අතිශය වැදගත් තීරණාත්මක දෙවන අදියර 19දා සිට 25 දක්වා

ජාත්‍යන්තර වශයෙන් ශී‍්‍ර ලංකාවට තීරණාත්මක කඩඉමක් වන ජිනීවා හි පිහිටා ඇති ‘මානව අයිතිවාසිකම් කොමිසමේ’ 42 වැනි සැසිවාරය සැප්තැම්බර් මස 09 වැනිදා සිට 27 වැනිදා දක්වා ස්විස්ටර්ලන්තයේ දී පැවැත්වීමට නියමිතය.

දමිළ ඩයස්පෝරාව මගින් ශී‍්‍ර ලංකාවට එරෙහිව සිදු කෙරෙන සාවද්‍ය චෝදනාවලට නිරවුල් සහ නිවැරැුදි පිළිතුරු සැපයීම සඳහා ගෝලීය ශී‍්‍ර ලාංකේය සංසදයේ විධායක සහ කමිටු සාමාජිකයන් මෙම සමුළුවට, මෙවරත් සකී‍්‍රය දායකත්වය සැපයීමට පූර්ණ සූදානමකින් හිඳී. එය මූලික අදියර තුනක් යටතේ සිදු කිරීමට නියමිතය.

01. ඡායාරූප ප‍්‍රදර්ශනය

‘‘ත‍්‍රස්තවාදයේ සිට සාමය දක්වා 1975-2020’’
උක්ත තේමාව යටතේ සංවිධානය කෙරෙන ඡායාරූප ප‍්‍රදර්ශනයක්, සැප්තැම්බර් මස 21-22 යන දෙදින තුළ ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය සහ ජිනීවා මානව අයිතිවාසිකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

02. දෙවැනි අදියර
මෙය ප‍්‍රධාන සැසිවාර ඇමතීම් පහකින් සමන්විත වන අතර, ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් අතිශය වැදගත් මෙන්ම තීරණාත්මක අදියර වන්නේ ද මෙයයි. එහිදී,

1* සැප්තැම්බර් 19-අයිතම අංක 05
2* සැප්තැම්බර් 20-අයිතම අංක 06
3* සැප්තැම්බර් 23-අයිතම අංක 08
4* සැප්තැම්බර් 24-අයිතම අංක 09
5* සැප්තැම්බර් 25-අයිතම අංක 10

මෙම දේශනවල මුඛ්‍ය පරමාර්ථය වන්නේ දෙමළ ඩයස්පෝරාව සහ ඔවුනට පක්ෂපාතී මානව කි‍්‍රයාකාරිකයන් නඟන්නා වූ සාවද්‍ය යුද අපරාධ චෝදනාවලට පිළිතුරු සැපයීම මෙන්ම එල්ටීටීඊ සංවිධානය කළ සාපරාධී මනුෂ්‍ය ඝාතන, රාජ්‍ය දේපළ විනාශ කිරීම් ආදිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සිදු කෙරෙනු ඇත.

එමෙන්ම ශී‍්‍ර ලංකාව තුළ අන්‍ය ජාතිකයන්ට එරෙහිව කටයුතු කරන බවට, අසාධාරණයට ලක් කරන බවට සහ සමූල ඝාතනය කිරීමට කටයුතු කරමින් හිඳින බව කියමින් බෙදුම්වාදී දමිළ ඩයස්පෝරාව මානව අයිතිවාසිකාම් කොමිසම ඉදිරියේ නඟන්නා වූ අසත්‍ය, අභූත චෝදනාවලට විරුද්ධව කරුණු දැක්වීමත් සිදු වනු ඇත.

03. තෙවැනි අදියර
මෙය පැවැත්වෙනුයේ ‘සමාන්තර සැසියක්’ ලෙසිනි. ‘ශී‍්‍ර ලංකාවේ සංහිඳියා ගමනට තිබෙන බාධක’ යන තේමාව යටතේ 30/1 ඇතුළු යෝජනාවල බලපෑම්, යෝජනා සැකසීමේදී දේශීය සාධක සැලකිල්ලට නොගැනීම, ජාත්‍යන්තර දමිළ ඩයස්පෝරාවේ ඍණාත්මක බලපෑම්, නිවැරැුදි නායකත්වයක් නොමැති වීම ආදී කරුණු සාකච්ඡුාවට බඳුන් කෙරෙනු ඇත.
මේ සඳහා ගෝලීය ශී‍්‍ර ලාංකේය සංසදය වෙනුවෙන් පහත නම් සඳහන් විද්වත් මණ්ඩලය සහභාගි වනු ඇත.

නීතිඥ ජයරාජ් පලිහවඩන
නීතිඥ ටෙනී ප‍්‍රනාන්දු
නීතිඥ කසුන් පොන්නම්පෙරුම
මහාචාර්ය මෙහෙමුට් සුකෘ ජිසෙල්

04. ලිඛිත දේශන 09 ක් (දැනටමත් යොමු කර අවසන්ය.)

මෙයට අමතරව විශේෂයෙන්ම පහතින් සඳහන් වෙන්නා වූ වාර්තා, කොමිසමට සහ එහි සාමාජික රටවලට ඉදිරිපත් කිරීමට නියමිතය.

1. ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් තිබෙන්නා වූ 30/01 සහ 40/01 යෝජනා මඟින් සංහිඳියාව ඇති කරවන්නට නොව ශී‍්‍ර ලංකාවේ රාජ්‍යාරක්ෂාව බිඳ වැටීමට සහ අවදානමට ලක් වීමට හේතු පාදක හේතු වූ සහ ජනවර්ග අතර වෛරය, අසමගිය සහ අවිශ්වාසය ඇති කරවන්නක් බවට තහවුරු කෙරෙන වාර්තාව.

x මෙය ගෝලීය සංසදයේ විධායක සභාව වෙනුවෙන් නීතිඥ කසුන් පොන්නම්පෙරුම විසින් සකස් කර තිබේ.

2. මානව හිමිකම් කොමිසමේ පසුගිය සැසිවාරයේදී ලංකාවට එරෙහිව අසත්‍ය කරුණු ඉදිරිපත් කළ එල්ටීටීඊ හිතවාදීන් සඳහන්ව ඇති අසත්‍ය, ද්වේෂය සහ වෛරය කුළුගන්වන ආකාරයේ කරුණු සොයා බලා, එ් සම්බන්ධයෙන් දැක්විය යුතු පිළිතුරු ද සමඟ සකස් කර ඇති වාර්තාව, පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් කිරීම ද සිදුවනු ඇත.

මෙය ගෝලීය සංසදයේ විධායක සභාව වෛද්‍ය රුවන් පරාක‍්‍රමවංශ යන අයගේ සහයෝගයෙන් සිදු කර ඇත.
3. මානව අයිතිවාසිකම් කොමසාරිස්වරියගේ සහ ඇතැම් සාමාජික රටවල් විසින් ශී‍්‍ර ලංකාවේ නව යුද හමුදාපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද ප‍්‍රකාශ මඟින්, කොමිසම තම බලය ඉක්මවා කටයුතු කරමින් ස්වාධීන රටක ස්වෛරී භාවයට හානිවන පරිදි කටයුතු කර ඇති බවට දැක්වෙන පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම.

මෙවරත් සමස්ත වැඩසටහනම විධායක සභාවේ ස්විස්ටර්ලන්ත සභාපති එරික් මාකවිට මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරේ. ස්විස්ටර්ලන්තය වෙනුවෙන් රනිල් ජයනෙත්ති, බ‍්‍රයන් බස්නායක, එක්සත් රාජධානිය වෙනුවෙන් නීතිඥ ජයරාජ් පලිහවඩන, ප‍්‍රසංග ජයමාන්න, සුසන්ත ගුරුගේ, පෝලන්තය වෙනුවෙන් සේනක රාජපක්ෂ සහ ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් නීතිඥ ටෙනී ප‍්‍රනාන්දු සහ නීතිඥ කසුන් පොන්නම්පෙරුම යන මහත්වරු සහභාගි වීමට නියමිතය.

ගෝලීය ශී‍්‍ර ලාංකේය සංසදය මානව අයිතිවාසිකම් කොමිසම සහ දෙමළ ඩයස්පෝරාව හමුවේ ඉටු කරනු ලබන්නේ අභියෝගාත්මක කාර්යභාරයකි. ඔවුන්ගේ මැදිහත්වීම නොවන්නට ශී‍්‍ර ලංකාවට අන්තර්ජාතික වශයෙන් බරපතළ අසීරුතාවන් රැුසකට මුහුණ දීමට සිදු වනු නිසැකය. දෙමළ ඩයස්පෝරාව කොමිසම වෙත කරනු ලබන බලපෑම කොතෙක් ප‍්‍රබලද යත්, මෙවර ශී‍්‍ර ලංකාවෙන් සහභාගි වන ගෝලීය සංසදයේ නියෝජිතයන් සංඛ්‍යාව ද කප්පාදුවකට ලක්ව තිබේ. මෙවර ලංකාවෙන් සහභාගි වීමට ඉඩ ලැබී ඇත්තේ දෙදෙනෙකුට පමණි.

සටහන : අජන්ත ජයසේකර

COMMENTS