ජිනීවා සටනට ජනාධිපති ගෝඨාභය සමග අපි එක් වෙමු.

ජිනීවා සටනට ජනාධිපති ගෝඨාභය සමග අපි එක් වෙමු.

ජාත්‍යන්තර කොටි බලයට එරෙහි ජිනිවා සටන. !

දශක තුනක් අප රට විනාශකළ කොටි ත‍්‍රස්තවාදය මීට වසර දෙකකුත් මාස නවයකට පෙර නන්දිකන්ඩාල්, කළපුවේ ගිලී විනාශයට පත්විය. එවන් අන්ත පරාජයක් කොටි කිසි දිනකවත් බලාපොරොත්තු නොවීය. ඔවුන් හැමදා ලෝක බලවතුන්ගේ බළල් අතක් ලෙස කටයුතු කිරීම ඊට ප‍්‍රධාන හේතුවයි. එදා වඩමාරච්චියේදී කොටි කොටුවුණ මොහොතේ අහසින් පරිප්පු දමමින් ඉන්දියාව ඔවුන්ගේ පිහිටට පැමිණියේය. ජයසිකුරු මෙහෙයුමෙන් කොටි අඩපණව සිටි අවස්ථාවේදී බටහිර රටවල බලකිරීම් හමුවේ ”ජයසිකුරු” අතරමග නතර කර ගැලවීමට කොටියාට හැකි විය. මෙවර කොටියාට එරෙහි දියත් කළ ”මානුෂීය මෙහෙයුම” දෙස කොටි බැලූවේද එවැනිම සිල්ලර ආකල්පයකිනි. ශ්‍රී ලංකා හමුදා කොතරම් දස්කම් විස්කම් පෑවද තම බලගතු හාම්පුතුන්ගේ බලපැම් හමුවේ අවසානයේ ශ්‍රී ලංකා ආණ්ඩුව දණ නමා පෙර සිදුවුවා සේම මෙහෙයුම හකුලා ගැනීවි යැයි කොටි සිතූහ. ඔවුන් සිතූ ලෙසම ”මානුෂීය මෙහෙයුම” නතර කරන ලෙස ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර බලවතුන්ගෙන් විවිධාකාර බලපැම් එල්ලවිණි. එහෙත් එම බලපෑම්වලට දණ නොනමන්නට තරම් මෙවර ශ්‍රී ලංකාවේ නායකත්වය නිර්භීත විය. එම නිර්භීත ඍජු තීන්දුවේ රැකවරණය යටතේ දියත් වුණු මානුෂීය මෙහෙයුම කොටි ත‍්‍රස්තවාදය ශ්‍රී ලංකා ධරණී තලයෙන් සදහටම අතුගා දැමුවේය. එය කොටියා පමණක් ලැබූ පරාජයක් නොවී කොටියාට උඩගෙඩි දුන් කොටි පෝෂණය කළ ඔවුන්ගේ හාම්පුතුන්ද ලැබූ පරාජයක් විය. තමන්ගේ අණට අකීකරු වූ ශ්‍රී ලංකාව තමන් ඉදිරියේ දණ ගැස්වීමට බටහිර බලවත්තු ඉන්පසු අලූත්ම සටනක් ඇරැඹූහ. එම සටනේ ප‍්‍රධාන ආයුධ වන්නේ යුද අපරාධ හා මානව හිමිකම්ය. ”මානුෂීය මෙහෙයුමේදී ශ්‍රී ලංකාව තුළ යුද අපරාධ සිදුවූ බවත් ඒ සමගම රට තුළ මානව හිමිකම් කඩවූ බවත් කඩවන බවටත් චෝදනා නගමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කමිටුව හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කර ඒ හරහා ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත්වී නාස් ලණුව අතට ගැනීම මේ අලූත්ම සටනේ අරමුණයි. මේ ක‍්‍රමය මුලින්ම යුරෝපය හරහා අත්හදා බැලූවද එය පරාජය විය. දෙවැනි වරට ඉදිරිපත් කළේ කැනඩාවයි. ලෝකයේ මිතුරු රටවල සහයෝගය මත දෙවැනි වරටත් එය පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය. සියල්ල අසාර්ථක වුණ තැන එතෙක් තිරයෙන් එහා සිට රූකඩ නැටවූ ලෝකයේම බලවතා දුෂ්ඨයාගේ චරිතය නිරූපනය කිරීමට ඉදිරිපත්ව සිටී.

2015 දී මංගල සමරවීර ප්‍රමුඛ යහපාලනය 30/සම අනුග්‍රහය දක්වා රට පාවා දුන්නාට පසුව ජිනීවා සටන ගෝලීය සංසදයේ විධායක සභාවට එක්වූ රටවල් විසින් බාර ගන්නා ලද්දේ රජය එය බාර නොගත් බැවිනි.

දැන් රට ගැන , යුද හමුදාව ගැනීම තකන ජනාධිපතිවරයෙකු පත්වී තිබේ.
එබැවින් දැන් අපි මේ සටන දිනන්නට රජය සමග එක්වී කටයුතු කල යුතු වේ.

ජයරාජ් සුජීව පලිහවඩන

COMMENTS