ජිනීවා යෝජනාවට එරෙහි ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ ජිනීවා ප්‍රොපේක්ට් (Geneva Project-2020) මෙහෙයුම දියත් වෙයි

ජිනීවා යෝජනාවට එරෙහි ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ ජිනීවා ප්‍රොපේක්ට් (Geneva Project-2020) මෙහෙයුම දියත් වෙයි

43 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව පෙබරවාරි 24 දා ආරම්භ වන අතර වත්මන් රජයට ඊට මුහුණදීමට සිදුවී ඇත. මෙහිදී මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ප‍්‍රකාශයක් කරනවා ඇත.

2015 වසරේ සැප්තැම්බර් මස ඇමරිකාව විසින් ජිනීවා යෝජනාව සමුළුව වෙත ගෙන ඒමෙන් පසු එවකට සිටි විදේශ ඇමැති මංගල සමරවීර ජනාධිපති අනුමැතිය නැතිව එම යෝජනාවට සම අනුග‍්‍රහය ලබාදුන්නේය. මෙම කි‍්‍රයාදාමය චූදිතයාට එල්ල වූ චෝදනා වලට චුදිතයාට එකඟවීමක් වැනිය..

මෙවන් පසුබිමක් මැද 43 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවේදී හිටපු විදේශ ඇමැති මාරපන අනුගමනය කළ කි‍්‍රයාදාමය අනුගමනය කරන බවට අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කළ ප‍්‍රකාශය සිව්වසරක් තිස්සේ ද්‍රෝහි ජිනීවා යෝජනාවට එරෙහිව ශ‍්‍රී ලංකා සංසදය දියත් කළ සටන අවතක්සේරුවකට ලක්වීමක් විය.

මාරපනගේ කි‍්‍රයාදාමය වත්මන් රජය අනුගමනය කිරීම නම් සිදුවන්නේ ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය බි‍්‍රතාන්‍ය රාජනීතිඥ ජෙප්රි නයිස් ලවා ජිනීවා යෝජනාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට ගොනු කළ පැමිණිල්ලට එරෙහිවීමක් නොවේද?

මෙම ජිනීවා යෝජනාවට යහපාලන රජය සම අනුග‍්‍රහයදීම නිසා එය ඉවත් කරලීම සඳහා ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය පසුගිය කාලය මුළුල්ලේම සටන් වැදුනි.

එහෙත් මාරපනගේ මාර්ගයේ යාමට වත්මන් රජය කි‍්‍රයාකළහොත් එය දේශපේ‍්‍රමීන්ව පාවාදීමක් නොවන්නේද?

එසේ වූවත් ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ ජිනීවා සටන අත්හැර නැත. ශ‍්‍රී ලංකා සංසදයේ ප‍්‍රධානීහු ජිනීවා ව්‍යාපෘතිය-2020  (Geneva Project-2020)  නමින් දියත් කර ඇත.

ඒ අනුව ද්‍රවිඩයන්ට හිරිහැර කරන බවට නැගෙන චෝදනාවට ප‍්‍රතිචාර දැක්වීම මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවට ප‍්‍රතිචාර දැක්වීම, පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විස් සේවිකා ගානියා ප‍්‍රැන්සිස් සිද්ධිය ගෙතූ ප‍්‍රචණ්ඩත්වයක් බව හෙලිකිරීම, ද්‍රවිඩ සමූල ඝාතනය නැමැති චෝදනාවට සහ යුද අපරාධ චෝදනා වලට නිසි පිළිතුරු දීම, කොටි අරමුදල් එකතුකරන අය ගැන හෙළිකිරීම, මානව හිමිකම් කවුන්සිලය අයුතු ලෙස භාවිත කර කොටි හිතවාදී සංවිධාන සිදුකරන බොරු ප‍්‍රචාර වලට ප‍්‍රතිචාර දැක්වීම යන කරුණු මානව හිමිකම් සමුළුවේදී අනාවරණය කෙරේ.

මෙයට අමතරව ජිනීවා යෝජනාවේ නීත්‍යනුකූලතාවය, කොටි සංවිධානය සිදුකළ අපරාධ, ශ‍්‍රී ලංකා හමුදාවට එල්ල කරන චෝදනා වලට ප‍්‍රතිචාර දැක්වීම, ස්විස් තානාපති කාර්යාලය වියානා සම්මුතිය උල්ලංඝණය කිරීම, මහකොමසාරිස් වාර්තාවට අභියෝග කිරීම, මානව හිමිකම් කවුන්සිලය සහ අනිකුත් එක්සත් ජාතීන්ගේ සංවිධාන ශ‍්‍රී ලංකාවට එරෙහිව   අනුගමනය කරන ඒකපාක්‍ෂික පිළිවෙත යන කරුණු ගැන ලිඛිත වාර්තා මානව හිමිකම් කවුන්සිලයට බාරදීමටද ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ තීරණය කර ඇත.

එසේම ගානියා ප‍්‍රැන්සිස් නැමැති ස්විස් සේවිකාවගේ සිද්ධියේ පසුබිම ඇතුළත් සවිස්තර වාර්තාවක්ද සටන් විරාම සමයේ පොලිස් භටයන් 600 ක් ඝාතනය කිරීමට කොටි සංවිධානය කි‍්‍රයාකිරීම ගැන දැක්වෙන විශේෂ වාර්තාවක්ද මානව හිමිකම් කවුන්සිලයට යොමු කෙරේ.

COMMENTS